March 29, 2024

මුදල් ඇමති බැසිල් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක

දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශන්කර් මහතා ඊයේ රාත්‍රියේ හමු වී තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, දෙරටේ ආර්ථික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි.

මෙරට ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩව ප්‍රතිචාර දක්වන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි අද හමුවීමට නියමිතයි.

ඔහු ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා ද හමුවුණා.

 

Rate this item
(0 votes)