April 20, 2024

පොහොට්ටු මන්ත්‍රී තනතුරු අතහරී! චෝදනා කියමින් ලේකම්ට ලිපියක් යවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සභාපති තනතුරකින් ඉල්ලා අස්වී තිබෙනවා.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පරිසර සහ පොදු පහසුකම් කමිටුවේ සභාපති ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුසිත් මහසෙන් මහතා ප්‍රකාශ කරනවා.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට ලිපියක් යවමින් මන්ත්‍රීවරයා මේ බව දැනුම් දී තිබෙනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසිත් මහසෙන් මහතා විසින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත යවා ඇති ලිපියේ මෙසේද සදහන් වේ.

"පළාත් පාලන නියෝජිතයින්ගේ කාලය පෙබරවාරි මස 10 වැනිදායි අවසන් වී ඇත.එවන් තත්ත්වයක් මත තව දුරටත් ප්‍රාදේශීය සභාවේ නිලතල දරමින් බෝඩ් ලෑල්ලක් පමණක් බවට පත් වන්නට මා අදහස් කර නැත. එයින් සිදු වන්නේ අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීම සහ නිලධාරීන් අපහසුතාවයට පත් කිරීම පමණි. එමෙන්ම නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ වත්මත් පාලනාධිකාරිය සම්බන්ධයෙන්ද මා හට ගැටළුවක් ඇත. මෙම තත්ත්වය අනුව තව දුරටත් මම නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පරිසර හා පොදු පහසුකම් කමිටුවේ සභාපති ධූරය දැරීමට අදහස් නොකරමි."

Rate this item
(2 votes)
Last modified on Wednesday, 16 March 2022 14:01

Related items