April 23, 2024

ගම්මන්පිලට කට උත්තර නැති වෙයි: පොහොට්ටු ලේකම් මතු වෙයි

සියලු සැක සංකා බොරු කරමින් පොදු ජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් මහතා කල එළි බැස තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්ද දරන කාරියවසම් මහතා එසේ කලඑළි බසින්නේ නිකම්ම නොව වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට හැකි එකම පුද්ගලයා පිළිබඳව ප්‍රකාශයක්ද කරමින්.

චරිත සහතිකය

රටේ ආර්ථිකය ගොඩ ගත හැක්කේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පමණක්ම බවයි පොදු ජන පෙරමුණ ලේකම්වරයා සඳහන් කරන්නේ.

තවලම ඉදිරියට යනවිට බල්ලන් ඊට බුරමින් බාධා කරන මුත් ඒ බාධාවන්ට තවලම ඉදිරියට යෑම නැවැත්වීමට නොහැකි බවත් කාරියවසම් මහතා මතක් කර දෙනවා.

ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් කළ දෙදෙනා හැර පොදුජන පෙරමුණේ හවුල්කාර අන් පක්ෂ වල සාමාජිකයින් ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කරන බවට හෙලිදරව්වක්ද කාරියවසම් මහතා කරනවා.

පක්ෂ 11 කණ්ඩායම

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇමති ධුර වලින් ඉවත් කළ පිරිස නියෝජනය කරන කණ්ඩායම පක්ෂ 11කින් සමන්විත බවට ඒ පිරිස පැවසුවත් එම කණ්ඩායම සමඟ පක්ෂ 11ක් නැති බවයි.

පොදු ජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා තවමත් ජීවතුන් අතරදැයි ඇමති ධූරයෙන් ඉවත්කල උදය ගම්මන්පිල මහතා මීට ටික දිනකට පෙර ප්‍රශ්න කලා.

ඒ ඉකුත් සෙනසුරාදා (12) සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්ද රු.55 කින් ඩීසල් මිල වැඩි කළ අවස්ථාවේ.

තමා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් සිටියදී ජනපති හා අගමැතිගේ උපදෙස් මත රු. 7කින් ඩීසල් ලීටර වැඩි කළ අවස්ථාවේ එහි වගකීම ගෙන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස පොහොට්ටු ලේකම්වරයා තමාට ගැසූ ලිපිය එම මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා සිහිපත් කර දුන්නා.

ඒ තමන් නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 16 March 2022 16:33