March 29, 2024

විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක් : රාජපක්ෂලා නොවන අපේම නායකයෙක් අපිට ඉන්නවා

මේ තීරණාත්මක අවස්ථාවේ රටට නායකත්වයේ දිය හැකි රාජපක්ෂලා නොවන නායකයෙකු තම පාර්ශවය සමග සිටින බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

එය දැන්ම කිව නොහැකි බවයි වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ප්‍රභූ දේශපාලන නායකත්වය

ඉදිරියේදී තම පක්ෂ 11 සන්ධානයට තවත් පක්ෂ රැසක් එකතු වීමට නියමිත බවටත් අනාවරණයක්ද ඔහු කරනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ රණසිංහ ප්‍රේමදාස සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනපතිවරුන් දෙදෙනා හැර අන් සියලු ජනපතිවරුන් උඩරට හෝ පහත රට ප්‍රභූන් බවයි වීරවංශ මහතා අවධාරණය කරන්නේ.

එසේ ප්‍රකාශ කරන ඔහු යළිත් ඒ ප්‍රභූ පැලැන්තියකට මෙරට පාලන බලය ලැබෙන්නේ නැති බව තහවුරු කරනවා.

රාජපක්ෂලා අදාලම නැහැ

නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය තීරණය කර ගැනීම තම පාර්ශවයේ වැඩක් නොව ඔහුගේ වැඩක් බවද වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ එය තමන්ට කිසිසේත්ම අදාල නැති කරුණක් බව පෙන්වා දෙමින්.

ජනපතිවරයා විසින් ඇමති ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන විමල් වීරවංශ මහත මේ අදහස් පළ කළේ හිරු සලකුණ වැඩසටහන සමග එක්වෙමින්.

වීරවංශ මහතා ජාතික නිදහස් පෙරමුණේ නායකයා ලෙසත් කටයුතු කරනවා.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 16 March 2022 10:59