April 25, 2024

සජබ විරෝධය අතරේ සජිත් හදිසි හමුවක - හදිසි තින්දුවකුත් ගනී

අද පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතා පෙළපාලියට සහභාගී වීමට මේ වන විට සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හදිසියේම විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඒ සමගි ජන බලවේග පෙළපාලිය යන අතරවාරයේදියි.

ඒ සඳහා සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඇති බවයි ඒෂියන් මිරර් වෙත වාර්තා වන්නේ.

එම සාකච්ජාව අතරතුරදී විශේෂ තිරණයකට එළඹී තිබෙනවා.

 කොළඹට පැමිණෙන ජනතාව පැති දෙකකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරවීමටයි.

කොළඹට එන ජනතාව එක් කොටසක් මරදානේ ටෙක්නිකල් හංදියේ සිට පා ගමන ආරම්භ කරන අතර අනෙක් පිරිස කොළඹ විපක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් යෑමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2022 10:59