March 28, 2024

ගම්මන්පිල උගතෝකෝටික ප්‍රශ්නයක: පොහොට්ටු ලේකම් ජීවතුන් අතරද? මිය ගිහින්ද?

ජනපතිවරයා විසින් ඇමති ධූරයෙන් ඉවත්කළ උදය ගම්මන්පිල මහතා ඊයේ (14) ජාතික හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූවා.

එහිදී ඔහු ආණ්ඩුවේ එක් සුවිශේෂී පුද්ගලයෙක්ව සෙව්වේ ඔහු දැන් ජීවතුන් අතර ජීවතුන් අතර සිටිනවා දැයි ප්‍රශ්න කරමින්.

පොහොට්ටු ලේකම්

ඒ පොදු ජන පෙරමුණ ලේකම්වරයා වන සාගර කාරියවසම් මහතාවයි.

ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩි කිරීම සිදු වූ මේ අවස්ථාවේ සාගර කාරියවසම් මහතා ජීවතුන් අතර සිටින්නේ නම් කරන වැඩක් පිළිබඳව ගම්මන්පිල මහතා තොරතුරු හෙළිදරව් කළා.

ඒ නව බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහතාට ඉල්ලා අස්වන ලෙස නිවේදනයක් නිකුත් කරන බවටයි.

ගැසූ ලිපිය

තමා බලශක්ති ඇමැති ධුරය දරද්දී ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ නිර්දේශ මත රු. 7කින් ඩීසල් ලීටරයක් වැඩි කල අවස්ථාවේ වහාම තමාට ඉල්ලා අස්වන ලෙස කාරියවසම් මහතා පොහොට්ටු මහ ලේකම්වරයා ලෙස තමාට දැනුම් දුන් බවයි ගම්මන්පිල මහතා මතක් කරන්නේ.

දැන් රු.55 කින් ඩීසල් ලීටරයක් වැඩි කරද්දි කාරියවසම් මහතා ජීවතුන් අතර සිටියා නම් කුමන ජංජාලයක් ඇති කරාවිද යන්න ගම්මන්පිල මහතා ප්‍රශ්න කරනවා.

ගම්මන්පිල මහතා කියන කතාවේ යම් සත්‍යයක් තිබෙන බව පෙනෙන්නේ මේ දිනවල සාගර කාරියවසම් මහතා උන්නද මලාද යන්න සොයා ගැනීමට නොහැකිව තිබීම නිසා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 15 March 2022 09:23