March 29, 2024

ඉන්ධන පෝලිම් දිග්ගැස්සෙයි - මාර්ගවලත් වාහන තදබදයක් (PHOTOS)

කොට්ටාව, මහරගම, හෝමාගම සහ කොළඹට තදාසන්න ප්‍රදේශවල ඉන්ධන හල් අසල ඉන්ධන හල් අසළ ඩීසල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දැක ගත හැකි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම පෙට්‍රල් ලබා ගැනීමට ද ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටින බවද වාර්තා වෙනවා.

මේ හේතුවෙන් නාවින්න, විජේරාම සහ හයිලෙවල් මාර්ගවල වැඩි රථ වාහන තදබදයක්ද ඇති වී තිබෙනවා.

එමෙන්ම හැටන් කොටගල නගරයේ IOC ඉන්ධන පිරවුම්හලට දින තුනකට පසු අද (14) දින ලැබුණු ඩිසල් ලිටර් 6600ක් ලබා ගැනිම සදහා වාහන හිමියන් දිගු පෝලිම් වල රැදි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ එක් පසක කිලෝමිටර් 2 පමණ දුරට ඊයේ (13) දින රාත්‍රියේ සිටම වාහන ගාල් කර තිබු අතර, එම වාහන හිමියන්ට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් වාහන වලට අවශ්‍ය ඩිසල් ඉන්ධන නිකුත් කරනු ලැබ තිබෙනවා.

ඉන්ධන පිරවුම්හලෙන් ඩිසල් ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටි රියදුරන් කියා සිටියේ නව මිල අනුව තම වාහන ධාවනය කිරිම පාඩු බවයි.

Rate this item
(0 votes)