April 19, 2024

හෙට පැය 07ක විදුලි කප්පාදුවක් - කාලසටහන මෙන්න

හෙට දිනයේදී කාණ්ඩ දෙකක් යටතේ පැය 07ක් විදුලි කප්පාදු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙතට සිය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව A සිට L දක්වා කාණ්ඩයට සහ P සිට W දක්වා කාණ්ඩයට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 05ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා. 

ඊට අමතරව සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුලදී පැය 02ක කාලයක් ඉහත කාණ්ඩයන් සඳහා විදුලිය විසන්ධි කෙරෙනවා.

කෙසේ වුවත් මහජන උපයෝගීතා කොමිසම විසින් මේ දක්වා මේ දක්වා සිය අවසරය ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

විදුලිය කප්පාදුව සිදුවන ප්‍රදේශ හා වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තර මෙතැනින්

Rate this item
(13 votes)
Last modified on Sunday, 13 March 2022 21:15