March 29, 2024

"ඔළුවේ ප්‍රශ්න ගොඩාක්" - මෛත්‍රී ආණ්ඩුවට පහර දෙන්න සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවට ක්‍රියාකලාපය දැඩි විවේචනය ලක් කර තිබෙනවා.

ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අමතමින්.

පසුගිය වසර දෙකේදී රජය තීන්දු තීරණ ගැනීමේදී තමාව සම්බන්ධ කර නොගත් බවට හිටපු ජනාධිපතිවරයා චෝදනා කරනවා.

"මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ. ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා." යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

‍තෙල් මිල වැඩිවීමත් සමග මහ ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කර ජනතා උද්ඝෝණවලට පෙළඹෙන බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

"මේ ආණ්ඩුව පක්ෂ 13කින් හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන්පසුව කිසිම දෙයකට මා සම්බන්ධ කර ගත්තේ නෑ." යැයි ඔහු සඳහන් කළා.

"සිරිමාවෝ බණ්ඩාරනායක යුගයෙන් පසු මේ රටට හරි ප්‍රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව විතරයි. මම ප්‍රජාත්‍රන්ත්‍රවාදීව රට ගෙන ගියා ලෝකයේ සියලුම රටවල් මට උදව් කළා. මම 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝදනය ගෙනත් රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කළා. නමුත් මම දුෂණයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුණත් ඒක මට කරන්න බැරි වුනා." යැයි සිරිසේන මහතා සිහිපත් කළා.

"විදුලිය, ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්, ගෑස්, විදුලිය නැතිව ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා. ජනතා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනවා මුළු රටම අද කදුලින් ඉන්නේ අයට ඒවා තේරෙන්නේ නෑ." යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 13 March 2022 12:06