April 19, 2024

නෑනාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දාලා - කාන්තාවක් අත්අඩංගුවට

තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් වෙනත් පුද්ගලයින්ට යැවූ බව කියන තිස් දෙහැවිරිදි කාන්තාවක් මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (10) මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සහෝදරයාගේ බිරිඳ විසින් තම නිරුවත් ඡායාරූප කිසිවෙකු විසින් වට්ස්ඇප් මගින් ප්‍රසිද්ධ කර තිබෙන බවට මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකින් පසු විමර්ශන සිදුකර අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව ඇඟේ නෑනා සමඟ මිත්‍රත්වයෙන් සිට මේ වන විට අමනාපයෙන් පසුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

සැකකාර කාන්තාව හා පැමිණිලිකාරිය යන දෙදෙනාම මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)