April 24, 2024

එජාප නායක - නියෝජ්‍ය නායක ගැටුමේ තවත් රහස් එලියට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන මහත්වරුන් අතර ඇතිව තිබෙන ගැටුම පිළිබඳව පිළිබඳව තවත් තොරතුරු වාර්තා වනවා.

වික්‍රමසිංහ මහතා මේ වන විට විජයවර්ධන මහතාට කිසිදු වගකීමක් හෝ කාර්ය භාරයක් නොපවරා පසකට තල්ලු කොට තිබෙන බවට තොරතුරු පක්ෂය තුලින්ම වාර්තා වනවා.

පනවා ඇති තහනම

ගැටුම කෙතරම් දරුණුද යත් විජයවර්ධන මහතා විසින් සංවිධානය කරනු ලබන කිසිදු රැස්වීමකට වික්‍රමසිංහ මහතා අවසර ලබා දෙන්නේ නැහැ.

එ.ජා.පයේ අතිබහුතරය පක්ෂය හැරදමා යද්දි එසේ නොකොට පක්ෂය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ තරුණ තරුණියන් වෙනුවෙන් විජේවර්ධන මහතා සංවිධානය කර තිබූ රැස්වීමක් වික්‍රමසිංහ මහතා විසින් වහාම නතර කර තිබෙනවා.

එම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ සීදුව රාමඩා හෝටලයේදී.

වෙනම හමුවක්

විජේවර්ධන මහතාගේ එම හමුව තහනම් කළ වික්‍රමසිංහ මහතා එදිනම මීගමුව බෙත්හනි ස්ථානයේ සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගී වී එහි පැමිණි සිරි තරුණ තරුණියන් සමඟ විනෝදයෙන් කාලය ගත කර තිබෙන බව දැනගන්නට තිබෙනවා.

වික්‍රමසිංහ මහතා එම අවස්ථාවට සහභාගී වී තිබෙන්නේ ඔහුගේ වඩාත් සමිපතයා වන ජාතික සංවිධායක සාගල රත්නායක මහතා සමගයි.

එළැඹෙන 12 හා13 පක්ෂයේ සාමාජිකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන කොළඹින් ඇරඹීමට නියමිත අතර වික්‍රමසිංහ මහතා එහි වගකීම පවරාදී තිබෙන්නෙත් රත්නායක මහතාටයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 March 2022 07:48