March 29, 2024

ධාවනය වූ රථයේ රෝදය ගැලවී විසිවෙයි - මහ අනතුරක් අනූ නවයෙන් බේරුණු හැටි (PHOTOS)

යාපනය සිට ත්‍රීකුණාමලය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ධාවනය වෙමින් තිබියදී බස් රථයේ ඉදිරිපස රෝදය ගැලවී යාමෙන් සිදු වීමට ගිය බරපතල අනතුරක් රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් වැලකී ගොස් තිබෙනවා.

ධාවනය වූ ලංගම බස් රථයක් ඒ- 9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී හදිසියේම බස් රථයේ ඉදිරිපස රෝදය ගැලවී වෙන්වී ගොස් තිබෙනවා.

අනතුරව බස් රථයේ වේගයත් සමග බස් රථය පෙරලීමට ගිය අවස්ථාවේදී රියදුරුගේ දක්ෂතාවය හේතුවෙන් එය පෙරලීමට නොදී වෙනත් වාහනයක ගැටීමටද නොදී ඉතා දක්ෂව බස් රථය නවතා මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රෝදය ගැලවී යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එලෙස සිදුවන්නට ඇති බවට සැකපල කරන අතරම බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයකින් ප්‍රවාහනය කරවීමටද ලංගම නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)