March 29, 2024

මහාචාර්ය හේරත් "කොත්තුව" පාර්ලිමේන්තුවට ගෙන එයි (VIDEO) Featured

"කොත්තුව" අපේ ජනප්‍රිය කෑමක්.

එහෙත් කොත්තුව ශ්‍රී ලාංකික අපේ නිර්මාණයක් බව බොහෝ දෙනෙක් දැන සිටියේ නැහැ.

මන්ත්‍රීවරයාගේ හෙලිදරව්ව

එය දැනගත්තේ ඊයේ (8) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කළ ප්‍රකාශයක් නිසා.

කෝප් කමිටුවේ සභාපතිවරයාද වන මහාචාර්ය හේරත් කොත්තුව පිලිබද පේට්න් බලපත්‍රයක් ශ්‍රී ලංකාව නොගන්නේ මන්දැයි ප්‍රශ්න කළා.

කොත්තුවේ උපත

එහිදී ඔහු කොත්තුවේ උපත මඩකලපුවේදී සිදු වූ බවයි සභාවට දැනුම් දුන්නේ.

පීසා පේටන් බලපත්‍ර අයිතිය තිබෙන්නේ ඉතාලියට මෙන් කොත්තුවේ පේටන් බලපත්‍ර අයිතිය ශ්‍රී ලංකාවට ගත යුතු බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 March 2022 12:39

Related items