April 20, 2024

ඇමතිකම්වලින් පන්නපු ඩබල සුප්‍රකට 4 වැනි පේලියේ ගාල් කරයි

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 4 වැනි පේළිය වඩාත් කතා බහට ලක් වූ පිරියක්.

ඒ මීට කලකට පෙර ප්‍රබල ඇමතිවරු ලෙස සිටි ජේෂ්ඨයන් ගාල් කර තිබෙන පේළිය නිසා.

4 වැනි පේලියේ ජේෂ්ඨයන්

පොදුජන පෙරමුණ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද සමරසිංහ, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත්, චන්දිම වීරක්කොඩි එම 4වෙනි පෙනී අසුන් ගත් හිටපු ප්‍රකට ඇමතිවරු වුණා.

ඉන් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිවීමත් සමග 2 වැනි පෙළට ආ නමුත් ජනපතිවරයා මේ වසර මුලදී ඔහුගෙන් එම රාජ්‍ය අමාත්‍යධූරය ඉවත් කිරීමත් සමඟ යළි ඔහු 4 වෙනි පේලියට යළිත් ගියා.

එම 4 වැනි පේළියේ සිටි මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඇමරිකාව හා මෙක්සිකෝ තානාපති ලෙස පත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වුණා.

ආසන වල වෙනස

දැන් එම පේලියේ නියෝජනය කළ එස්.බී. දිසානායක මහතාටද කැබිනට් ඇමති ධුරයක් ලැබීම නිසා ඔහුට 1 වැනි පේලියේ වම් පස සිට දෙවැනි අසුන හිමිව තිබෙන්නේ ඔහුගේ ජේෂ්ඨත්වයට අනුව.

මේ සුප්‍රකට 4 වෙනි පේලියට අලූතින් සාමාජිකයින් දෙදෙනෙකු එළඹෙන අඟහරුවාදා (8) පාලිමේන්තුව පැවැත්වෙන දිනයේදී එක්වීමට නියමිතයි.

ඒ කැබිනට් මණ්ඩල ඇමති ධුර අහිමි වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්.

නව අමුත්තන් දෙදෙනා

ඔවුන් දෙපළට පිළිවෙලින් විමල් වීරවංශ මහතාට එම පේලියේ වමේ සිට 13වැනි අසුනද ගම්මන්පිල මහතාට 18 වැනි අසුනද හිමිව තිබෙනවා.

කැබිනට් ඇමති ධුර දරද්දී වීරවංශ මහතාට 1 වැනි පේලියේ අසුනක්ද ගම්මන්පිල මහතාට 2වැනි පේළියේ අසුනක්ද හිමිව තිබුනේ.

එම දෙපළගේ කිට්ටුවන්තම සගයා වූයේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයායි.

ඉතිරි ඇමති

නානායක්කාර මහතාගේ කැබිනට් ඇමතිධූරය තවමත් තිබෙන මුත් ඔහු එම ධූරයේ වැඩ කටයුතු නොකරන බව මාධ්‍ය අමතා සඳහන් කළා.

නානායක්කාර මහතාට පාර්ලිමේන්තුවේ හිමිව තිබෙන්නේ 1 වැනි පේලියේ වමේ සිට 20 වැනියි අසුනයි.

එහෙත් නානායක්කාර මහතාගේ එම අසුනේ වෙනසක් කළ බව තවමත් වාර්තා වන්නේ නැහැ.

Rate this item
(3 votes)
Last modified on Monday, 07 March 2022 07:03

Related items