April 20, 2024

කට නිසා වැඩ වැරදුණු විමලවීර දිසානායක

වැඩ නිසා නොව කට නිසා ප්‍රශ්න ඇති කර ගන්නා විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාට මේ වන විට මුහුණ දීමට සිදුව තිබෙන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි තත්ත්වයකට.

ඒ ඔහුගේ රාජ්‍ය අමාත්‍යධූරය වෙනස් කිරීම නිසා.

දෙදෙනා අතර ගැටුම

දිසානායක මහතා මෙතෙක් දැරුවේ වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

එහි කටයුතු කිරීමේදී ඔහු එම විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වූ සී.බී. රත්නායක මහතාව නොසලකා තම තනි මතයට අනුව වැඩ කටයුතු කළා.

මේ නිසා දෙදෙනා අතර ප්‍රසිද්ධියේ ගැටුම් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් රත්නායක මහතා ජනපතිවරයාටත් කිහිප වතාවක් පැමිණිලි කර තිබුණේ තමාට වෙනත් අමාත්‍යාංශයක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

ජනපති දුන් විසඳුම

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සඳහා පැවති හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ජනපතිවරයා රත්නායක හා දිසානායක යන මහත්වරුන් අතර තිබෙන ප්‍රශ්නයටත් විසඳුමක් දුන්නා.

ඒ විමලවීර දිසානායක මහතා සතු බලතල හා ආයතන සියල්ලම සී.බී. රත්නායක මහතාට පවරා දෙමින් දිසානායක මහතාව වෙනත් රාජ්‍ය අමාත්‍ය ධුරයකට පත් කරමින්.

එසේ දිසානායක මහතාට ලබාදුන් නව ධූරය වූයේ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

නව විෂය පථය

එහි කැබිනට් ඇමැති ධුරය දරන්නේ ජනපතිවරයාගේ වැඩිමල් සොහොයුරා වූ චමල් රාජපක්ෂ මහතායි.

එම අමාත්‍යංශය තුළ දිසානායක මහතාට දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීම හැර වන ජීවි රාජ්‍ය අමාත්‍යාංශයේ කරපු කියපු වැඩ කිරීමට නොහැකි බව පැහැදිලි කරුණක්.

මේ වන තුරුත් විමලවීර දිසානායක මහතා එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගෙන නැහැ.

Rate this item
(3 votes)
Last modified on Saturday, 05 March 2022 10:32

Related items