April 20, 2024

ඩීසල් නැවකට මුදල් ගෙවයි! තව නැවක් කොළඹ වරාය ලඟ: තවත් තෙල් නැව් 4ක් එනගමන්

මෙරටට පැමිණි ඩීසල් ප්‍රවාහන නෞකාවක් සඳහා මුදල් ගෙවීම් සිදුකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

අදාළ නෞකාවක් සඳහා සිංගප්පූරුවේ පිහිටි සමාගමක් වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 31ක මුදල් ගෙවූ බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.

අදාළ නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් ශ්‍රී ලංකාවට ගොඩබෑමට නියමිතයි.

මේ වන විට එම නෞකාව කොළඹ වරායේ පිටත නැංගූරම් ලා තිබෙනවා.

ගෙවීම් සිදුකර ඇති බැවින් කඩිනමින් ඉන්ධන ගොඩබෑමේ කටයුතු සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළා.

බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසූවේ මෙම මස 4 වැනිදා සිට 12 වැනිදා දක්වා දින නවය තුළ ඉන්ධන රැගත් නෞකා හතරක් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බවයි.

එම නෞකා හතර මේ මස 4, 6, 9 සහ 12 යන දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවීමට නියමිත බවත් එම නෞකා මුදල් ගෙවා නිදහස් කරගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නා.

කොළඹ වරායේ මේ වන විට නවතා ඇති ඩීසල් මොටි්‍රක්ටොන් 37,300 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය මුදල් ගෙවා නිදහස් කරගත් බවයි හෙතෙම කියා සිටියේ.

එහි ඩීසල් බෑම ඊයේ පස්වරුවේ ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු කිසිඳු ඉන්ධන නැවක් නොමැති බව ද චාමින්ද හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් පැවසුවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 03 March 2022 04:29