March 29, 2024

ඇල්ලවල දිය ඇල්ලට දෙකක් බිලි

වැල්ලවාය - ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරුවේ මෙම තරුණයින් දෙදෙනා තම මිතුරන් 5 දෙනෙකු සමග දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ දී දිය පහරකට හසුවීමෙන් 21 සහ 22 හැවිරිදි අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

Rate this item
(0 votes)