කොටදෙණියාව වනාතමුල්ල ප්‍රදේශයේ පසුගිය කාලය පුරාම දැඩි භීතියක් හටගෙන තිබුණේ අල්කයිඩා නමින් හැදින්වූ දාමරික කල්ලියක් විසින් එහි ජනතාවට පිඩා කිරීම හේතුවෙන්.
මෙම භීතිය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පස්වරුව වන විටම සිය නිවාස වල දොර ජනෙල් අගුලු ලා සිටීමටද පියවර ගත්තා.
පසුගිය 15 වනදා මෙම මැර කණ්ඩායම විසින් තුන් හැවිරිදි හා හය හැවිරිදි දැරියන් දෙදෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ කිරිමත් එය වැලක්වීමට පැමිණි වයෝවෘද යුවලකට පහර දීමේ සිද්ධියකුත් වාර්තා වීමත් සමඟ ගම්වැසියන්ගේ භීතිය තවත් වර්ධනය වුණා.
කඩිනමින් මෙම තත්වය මර්ධනය කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණේ ඉන් අනතුරුවයි.
කෙසේවෙතත් පොලීසිය පැවසුවේ අල්කයිඩා නමින් හඳුන්වන දාමරික කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව මේ වන විට එම කණ්ඩායමේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර ඊයේ මිගමුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් කොටදෙණියාවේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වුණේ අල්කයිඩා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට අදාළ ඉදිරි විමර්ශන වලටයි.
ඊට ප්‍රදේශයේ මහ සංඝරත්නය , ප්‍රජා පොලිස් ඒකකයේ සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසින්ද සම්බන්ධ වුණා.