April 24, 2024

ෆිල්ටි පොලිස් අත්අඩංගුවට - ප්‍රබල ඇමතිගේ උත්සවයේදී යකා නටලා Featured

February 22, 2022

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන ‘ෆිල්ටි’ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකදී්‍ය.

එහිදී ආරක්ෂාව සපයමින් සිටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ දැරූ සිද්ධියක් මුල් කර ගෙනයි අදාල ගායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පානදුර, කෙසෙල්වත්ත තක්ෂිලා පාසලේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු සම්මන්ත්‍රණයක් පවත්වා තිබෙනවා.

එම උත්සවයට පානදුර උතුර පොලිස් ස්ථානාධිපති සංජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව ලබා දී තිබෙන අතර සැකකරු ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

පසුව ස්ථානාධිපතිවරයා සැකකරුට අවවාද කර ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී තිබෙනවා.

එහිදී සැකකරු ස්ථානාධිපතිවරයාගේ මුව ආවරණයෙන් ඇද ආවේගශීලිව හැසිරීම හේතුවෙන් සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 February 2022 11:30