March 29, 2024

නිමල් ලන්සා විශේෂ ප්‍රකාශයකට සූදානම්! ජනපතිට ලිපියකුත් ලියයි

February 22, 2022

සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වී සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඒ අනුව හෙට (23) පාර්ලිමේන්තුවේදී එම ප්‍රකාශය කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වීමට හේතුව සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වනවා.

අමාත්‍යාංශයේ කටයුතු වලින් ඉවත් වීමට හේතු දක්වමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීමටද නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව සමීප ආරංචි මාර්ග සඳහන් කළා.

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතයි.

Rate this item
(2 votes)