April 20, 2024

ඔය ජොනියා මටයි, හිටපු ජනපතිටයි කාලක්වත් දුන්නේ නැහැ: දයාසිරිත් ලන්සාගේ සපෝට් එකට

February 20, 2022

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ තමන් සතු බඩු මුට්ටු හා සේවක මණ්ඩලය ඉවත් කර ගත්තේ තමන් යටතේ ඇති මහා මාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් මුල් කොටගෙන.

ඒ සමගම ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කැබිනට් ඇමැති ධූරය දරන මහා මාර්ග අමාත්‍යාංශය සම්බන්ධයෙන් ආණ්ඩුවේම මහජන නියෝජිතයින් කතා කරන්නට පටන් අරගෙනයි තිබෙන්නේ.

හතර වටින්ම ප්‍රහාර

ඒ අමාත්‍යවරයාගේ හොඳ ගැන නොව එහි අනිත් පැත්ත ගැන.

මීට ටික දිනකට පෙර වවුනියාවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවෙන් පසුව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද මහා මාර්ග ඇමතිවරයා පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කලා.

ඒ තමන්ට කිලෝ මීටර් කාලක පාරක්වත් හදන්න විෂයභාර ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රතිපාදන ලබා නොදුන් බවටයි.

තමන්ට පමණක් නොව පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පාරවල් හැදීමට කිසිදු ප්‍රතිපාදනයක් ලබාදී නැති බවත් මහ ලේකම්වරයා හෙළිදරව් කළා.

ඇමතිට කළ මතක් කිරීම

ඔහු එම හෙලිදරව්ව කළේ ආණ්ඩුවට මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාටද යම් කරුණක් මතක් කර දෙමින්.

තමන් , හිටපු ජනපති ඇතුළු ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවේ කොටස්කාරයින් බව මතක් කර දුන් ජයසේකර මහතා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙසේ තමන්ට සලකන්නේ නම් ඉන් හැගී යන්නේ ශ්‍රී.ල.නිපය ආණ්ඩුවේ නැති බව තම විශ්වාසය බවටයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ජයසිරි ජයසේකර යන මහත්වරුන් දෙපළම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නන්.

මේ නිසාම ඔවුන් දෙපළ අතර මනාප සටනක් පවතින බව ප්‍රකට කරුණක්.

Rate this item
(2 votes)
Last modified on Sunday, 20 February 2022 20:14