April 20, 2024

සී.බී - විමලවීර ගැටුමත් කැබිනට්ටුවට: ඇමතිගේ කතාවෙන් ජනපතිත් පුදුමයට

February 20, 2022

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා සමග ඇති කරගත් මත ගැටුම මේ වන විට දුර දිග ගිහින්.

ඒ රාජ්‍ය ඇමතිවරුන් පමණක් නොව කැබිනට් ඇමතිවරුන්ද ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ වැඩ කිරීමට බැරි බව කීමට පටන් ගැනීම නිසා.

කැබිනට්ටුවේ මතුවූ කරුණ

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී එවැනි සිද්ධියක් මතු වූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඊට මුල් වූයේ සී බී රත්නායක ඇමතිවරයායි.

තමන්ගේ කැබිනට් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව තමන්ගේ අමාත්‍යාංශ නිලධාරීන්ට හමුවීමට නොහැකි බව ඔහු එහිදී සඳහන් කළේ ජනපතිවරයාද පුදුමයට පත් කරවමින්.

ජනපතිගේ ප්‍රතිචාරය

"එහෙම වෙන්නේ කොහොමද.කැබිනට් ඇමතිට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව ඕනෑම වේලාවක හම්බ වෙන්න පුළුවන්." යැයි සඳහන් කරමින් ජනපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූවා.

ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් රත්නායක ඇමතිවරයා තම අමාත්‍යංශයේ මුහුණ දී ඇති තත්ත්වය කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළා.

"මම මේක මතු කළේ නැහැ.මොකද උඩ බලාගෙන කෙළ ගහන්න බැරි නිසා.අපට විශාල වශයෙන් ප්‍රශ්න තිබෙනවා.මේවා දිගින් දිගටම හිතේ තියාගෙන ඉන්න බැහැ.රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් එක්ක වැඩ කරන්න බැහැ.ඒ අය අපි කැඳවන රැස්වීම් වලට එන්නේ නැහැ." ඇමතිවරයා කිව්වේ ඔන්න ඔය විදියට.

යළිත් ඊට පිළිතුරු දීමට මැදිහත් වූයේ ජනපතිවරයා සඳහන් කළේ" එහෙම වෙන්න බැහැ.කැබිනට් ඇමති තමයි වගකියන්න ඕන.අවස්ථානුකූලව මුදල් බලය තිබෙන්නේ කැබිනට් අමාත්‍යාංශයට "බවයි.

ඇමති - රාජ්‍ය ඇමති ගැටුම

සී.බී.රත්නායක ඇමතිවරයා කියන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ධුරය දරන්නේ තවත් මතභේදාත්මක චරිතයක් වන විමලවීර දිසානායක මහතායි.

වන ජීවී අමාත්‍යාංශ විෂය පථයන් සම්බන්ධයෙන් රත්නායක හා දිසානායක යන මහත්වරුන් අතර ප්‍රශ්න තිබෙන බව ප්‍රකට කරුණක්.

සී.බී.රත්නායක ඇමතිවරයා සිය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙසේ චෝදනා කළද බොහෝ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් එම විෂය භාර කැබිනට් ඇමතිවරයා සමඟ ගනුදෙනු නොකරන්නේ අදාල රාජ්‍ය ඇමතිවරුන් සිය ලේකම්වරුන්ට ලබාදී ඇති උපදෙස් මත බව ප්‍රකට කරුණක්.

Rate this item
(4 votes)
Last modified on Sunday, 20 February 2022 14:31