April 19, 2024

කණ්ඩායම් 8ක් ගැන බුද්ධි අංශ ඇස! අන්තවාදී සංවිධාන 3කුත් ඒ අතර Featured

February 20, 2022

කොවිඩ් තුන්වෙනි මාත්‍රාව හෙවත් බූස්ටර් එන්තත ලබා ගැනීමට බාධා කරන සහ එම එන්නත ගැන මිත්‍යා මත පතුරුවන කණ්ඩායම් 08ක් ගැන රජයේ බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ කණ්ඩායම් අතර විවිධ අන්තවාදී ආගමික මතවාදයන් දරණ කණ්ඩායම් තුනක්ද සිටින බවයි වාර්තා වන්නේ.

සමාජ ජාලා වෙබ් අඩවි කිහිපයක්ද ඒ අතර වෙතැයි රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ කණ්ඩායම්වල සාමාජිකයන් පිළිබඳව තොරතුරු සොයා බලා ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් රජයට සහ පොලිස්පතිවරයාට ලබන සතියේ බාරදීමට නියමිතය.

දැනට මෙරට බූස්ටර් එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව එන්නත් ලබාගත් මුළු සංඛ්‍යාවෙන් සියයට 44ක් එනම් පුද්ගලයන් 62,14,639ක් පමණ වන බව වාර්තා වනවා.

එය ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවන බවත් කොවිඩ් ප්‍රශස්ත මට්ටමින් පාලනය කිරීම සඳහා මේ සංඛ්‍යාව සියයට 80ක් දක්වා වැඩි කර ගැනීම ඉතා අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 20 February 2022 09:11