April 25, 2024

ඉන්ධන මිල ගැන මහ බැංකු ලොක්කාගෙන් ට්විටර් පණිවිඩයක්

February 19, 2022

කබ්රාල්ට තෙල් මිල මදි වෙයි

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය බොහෝ කල් ප්‍රමාද වී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කොට තිබූයේ ට්විටර් සටහනක් නිකුත් කරමින්.

එම ට්විටර් සටහන හරහා කබ්රාල් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ කලාපයේ සෙසු රටවල්වල ඉන්ධන මිලට වඩා ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල බොහෝ සෙයින් අඩු මට්ටමක පවතින බව යි.

කලින් කියන්නෙ නෑ

මහබැංකු අධිපතිවරයා එලෙස ප්‍රකාශ කරන පසුබිමක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය දා අවධාරණය කළේ ඉන්ධන මිල මේ තත්ත්වයෙන් තබා ගනිමින් දරා ගැනීමට උත්සහ දරමින් සිටින නමුත් මෙම මිල ගණන් යටතේ කොතරම් දුර ගමන් කිරීමට රජයට හැකිවේ ද යන්න සැක සහිත බව යි.

මේවන විට ශ්‍රී ලංකාව මෙතෙක් අත්විඳ ඇති ඉහළම බොරතෙල් මිලට මුහුණ දෙමින් සිටින බවයි සඳහන් කළ අමාත්‍යවරයා, තෙල් සංස්ථාව සිදු කර ඇති ඉල්ලීමට අනුව ඉන්ධන මිල වැඩි කිරීම සිදු කළ හොත් එය මෙතෙක් මෙරට ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිවීම ලෙස වර්තාගත වනු ඇති බව ද සඳහන් කළා.

එමෙන්ම ඔහු පවසා සිටියේ මිල වැඩි කිරීම සිදු කරනු ලබන්නේ පෙර දැනුම් දීමකින් තොරව බවට යි.

ඉන්ධන හිඟය තවදුරටත්

ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ලබා දෙන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය දා රජයෙන් ඉල්ලා සිටියා.

එම සංස්ථාව ප්‍රකාශ කළේ පවතින පාඩු ලබන තත්ත්වය මත අනිවාර්යයෙන් මිල ඉහළ දැමීමක් අවශ්‍ය බව යි.

එවන් එවන් අවස්ථාවක යි පසුගිය දින ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සිදු කළේ.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල අද (19) දිනයේ ද ඉන්ධන හිඟයක් පැවැති බව ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළා.

මෙම තත්ත්වයත් සමග ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණු බව යි අප වාර්තාකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 20 February 2022 17:33