March 29, 2024

උසස් පෙළ කාලසටහන ගැන විශේෂ නිවේදනයක්

February 19, 2022

මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ කාලසටහන ලෙස සැකසූ ව්‍යාජ කාලසටහනක් පිළිතොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

මෙම ව්‍යාජ කාලසටහන සමාජ ජාල ඇතුළු අන්තර්ජාලය තුළ සංසරණයවන බව යි නිරීක්ෂණය වන්නේ.

විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙම ව්‍යාජ කාලසටහන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව යි.

මෙම කාලසටහන හේතුවෙන් ප්‍රමාද වී විභාගයට පැමිණි සිසුන් පිළිබඳව වාර්තා වූ බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

විභාග කොමසාරිස් ජෙනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අවධාරණය කළේ පස්වරු 2.00ට විභාගය ආරම්භ වන්නේ සිකුරාදා දිනයන් හී පමණක් බව යි.

අනෙකුත් සෑම දිනයකදී ම පස්වරුවේ දී පැවැත්වෙන විභාග පස්වරු 1.00ට ආරම්භවන බව ඔහු පවසනවා.

එමෙන්ම උදය වරුවේ පැවැත්වෙන විභාග ආරම්භ වන්නේ පෙරවරු 8.00ට බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

විභාග කොමසාරිස්වරයා දැනුම් දෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියවන www.doenets.lk වෙත පැමිණ නිවැරදි කාලසටහන ලබා ගැනීමට හැකි බව යි.

මේ අතර අන්තර්ජාලයේ සංසරණය වන මෙම ව්‍යාජ විභාග කාලසටහන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ අරඹා ඇති බව වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 February 2022 01:55