March 28, 2024

ලන්සා කලබල නොවී හිටන් : ගෙදරට ගිය ඇමති දුන් උපදෙස

February 19, 2022

නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට සිටින්නේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ස්ථාවරයේ.

ඒ අමාත්‍යංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා සමඟ ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් මත.

ගෙදරට ගිය ඇමති

ලංසා මහතා සිය කාර්යාලයේ පෞද්ගලික කාර්ය මණ්ඩලය හා බඩුමුට්ටු අත්පත් කර ගැනීමත් සමග ඔහුගේ නිවසට ගිය කැබිනට් ඇමතිවරයකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

ඒ ලංසා මහතා නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ කණ්ඩායම් නායකයා වන ප්‍රසන්න රණතුංග මහතායි.

එහිදී ලන්සා මහතා රණතුංග ඇමැතිවරයාට තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.

ඇමති දුන් උපදෙස

තමාගේ අමාත්‍යංශයේ කටයුතු සඳහා මුදල් ලබා දෙන ලෙස කළ ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප වූ බවත් ඔහු එහිදී ඇමතිවරයාට සදහන් කර තිබෙනවා.

එහිදී රණතුංග අමාත්‍යවරයා ලංසා මහතා අමතා සඳහන් කර තිබෙන්නේ කලබල නොවී සිටින ලෙසත් තමා මේ ප්‍රශ්නය ජනපතිවරයා සමග කතා කරන බවයි.

ප්‍රසන්න රණතුංග මහතාට අමතරව ජනපති ලේකම් ගාමිණී සෙනරත් මහතාද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ලංසා මහතා අමතා කතා කළ බවත් දැනගන්නට තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබී නැහැ.

ලන්සා මහතා ට ජනපතිවරයා හමුවීමට මේ සතියේ වෙලාවක් වෙන්කර දී තිබුණද අවසානයේ එය අවලංගු වුණා.

Rate this item
(3 votes)
Last modified on Saturday, 19 February 2022 15:46