March 28, 2024

චමුදිත ගැන පොලීසියට නියෝගයක්

February 18, 2022

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිසියට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මාධ්‍යවේදී චමුදිතට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට නියෝග කරන ලෙස ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා ඇතුළු නීතිඥ කණ්ඩායමක් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගත් කැස්බෑව මහේස්ත්‍රාත් රුවන්දිකා වීරසිංහ මහත්මිය එම නියෝගය කර තිබෙනවා.

චමුදිත සමරවික්‍රමගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් සී.සී.ටී.වී. කැමරා විශ්ලේෂණය ද සිදු කෙරෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව විශේෂයෙන් චමුදිත සමරවික්‍රමගේ නිවස සහ අවට නිවාසවල සතියක පමණ කාලයක සී.සී.ටී.වී. දර්ශන මෙලෙස විශ්ලේෂණය කිරීම ආරම්භ කරන බව වාර්තා වනවා.

ඉකුත් 14 වැනි දින අලුයම් කාලයේදී පිළියන්දල වෑවල නිවාස සංකීර්ණයක පිහිටි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට නාදුනන නාදුනන පිරිසක් විසින් ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කර තිබුණා.

මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිලියන්දල නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂය පක්ෂයේ නායක සමන්ත පෙරේරා ගෙන් අද (18) දින පැය හතරක කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.

ඉකුත් 14 වෙනි දින චමුදිත ගේ පිලියන්දල නිවසට එල්ල කෙරුනු ප්‍රහාරයට දින කීපයකට ඉහතදී චමුදිත සමරවික්‍රම අපේ ජන බල පක්ෂයේ සභාපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

පොලිසිය විසින් සමන්ත පෙරේරාට කරන ලද දැනුම්දීමකට අනුව ඔහු පැමිණ ප්‍රකාශ ලබා දුන් බවත් එදින සම්මුඛ සාකච්ඡාවේදී කතාබහට බඳුන් වූ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර එම ප්‍රකාශ සටහන් කරගත් බවත් පිළියන්දල පොලීසිය සඳහන් කළා.

Rate this item
(0 votes)