March 29, 2024

විදුලි කප්පාදුව ඇරඹෙයි: කාල සටහන මෙන්න!

February 18, 2022

අද (18) සිට දිනකට දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති මේ බව පවසා සිටින්නේ, විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට ඔහු විසින්ම සිදු කළ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

මෙම විදුලි කප්පාදුව අදියර දෙකක දී සිදුවන අතර පළමු අදියර සවස 2.30ත් 6.30ත් අතර ක්‍රියාත්මක වනු ඇති.

එම කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුවනවා.

දෙවැනි අදියර සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර ක්‍රියාත්මකවනවා.

එම කාලය තුළ විනාඩි 45ක විදුලි කප්පාදුවක් සිදුවන බව යි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙලෙස විදුලි කප්පාදු කිරීමට සිදුව ඇත්තේ විදුලි බලාගාර වෙත ඉන්ධන නොලැබීම නිසා බව සඳහන්.

එමෙන්ම ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙරට විදුලි බලාගාර කිහිපයක්ම මේවන විට අක්‍රීය වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 February 2022 01:34