March 29, 2024

මන්ත්‍රීවරු 7කගේ පට්ටම් ගලවන්න තීන්දුවක්!

February 18, 2022

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා පහක මන්ත්‍රිවරුන් හත් දෙනෙක් එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂයේ විනය පරික්ෂණ කමිටුවෙන් වැරදිකරුවන් බවට තීරණය කිරීමෙන් අනතුරුවයි.

එම මන්ත්‍රිවරුන් හත් දෙනා මන්ත්‍රීධූරවලින් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර මහතා ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්  ඩබ්ලිව්.එච්.ආර් විජේකුමාර මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

ඒ අනුව ඉමදුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරියන් දෙදෙනෙකු, හබරාදුව මන්ත්‍රීවරයෙකු, කරන්දෙණිය මන්ත්‍රීවරයෙකු, බද්දේගම මන්ත්‍රීවරයෙකු, යක්කලමුල්ල මන්ත්‍රීවරයෙකු සහ බෙන්තොට මන්ත්‍රීවරයෙකු වශයෙන් මෙසේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් හත් දෙනෙකු ඉවත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

මෙම මන්ත්‍රිවරුන් හත්දෙනාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ විනය පරික්ෂණ කමිටුව කරන ලද විනය පරික්ෂණවලදි මොවුන් හත්දෙනා පසුගිය මහ මැතිවරනයේදි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට කටයුතු නොකොට සමගි ජනබලවේගය පක්ෂයට ආධාර කළ බව සනාථවි ඇති බව විනය පරික්ෂණ කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම මන්ත්‍රිවරුන් හත් දෙනා එම පක්ෂයෙන් ඉවත් කිරිමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)