පාස්කු ඉරු දින ප්‍රහාරය හා සම්බන්ධ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස්කොට නිදහස් කොට තිබෙනවා.
ඒ එම නඩුව අද (18) දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී.
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරී පැහැරහැරීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වී තිබුණා.
අධිචෝදනා 855 යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබූ අතර හේමසිරි ප්‍රනාන්දු මහතා සියළු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කෙරුනේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවයි.