April 24, 2024

සාෆිගේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

February 17, 2022

වඳ සැත්කම් කළේ යැයි අසත්‍ය චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිඟ වැටුප් හා දීමනා ලබා දෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා මාර්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ යි.

පෙත්සම කැඳවූ අවස්ථාවේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව සිදු කරනු ලබන මූලික විනය පරීක්ෂණය කුරුණෑගල මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා විසින් සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කියා සිටියා.

කෙසේ වෙතත් වගඋත්තකරුවන් වෙනුවෙන් පෙනී සටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ, රාජ්‍ය සේවා කොමිසම හමුවේ පවතින කරුණක් පිළිබඳ කරුණු සලකා බැලීමට අභියාචනාධිකරන්‍යට අධිකරණ බලයක් නො මැති බවයි.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යි අභියාචනාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව මාර්තු 04 වනදා කැඳවීමට නියෝග කළේ.

Rate this item
(0 votes)