April 16, 2024

දෙහිවල සත්තු වත්තට එක්වූ ආගන්තුකයා

February 17, 2022

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින “ඇරබියන් ඔරික්ස්” ගව යුවලට දාව සති දෙකකට පෙර පැටවකු බිහිකර තිබෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවා.

මෙම සතුන් ලෝකයේම වඳවීමේ තර්ජනයට ලක්ව සිටින සත්ව වර්ගයක් ලක්ව සිටින සත්ව කොට්ඨාසයක් වන බවද සඳහන් වෙනවා.

අළුත උපන් පැටවා හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන නිසා මේ වන විට නිදහස් සත්ව අරණ තුළ මව සමඟ මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා.

මෙම සතූන් 1970 වසර වනවිට ලෝකයේම වදවීමේ තර්ජනයට ලක්වී සිටින සත්ව විශේෂයක්ද වන අතර අරාබි කාන්තාර කලාපවල පමණක් සතුන් 1,000 කට සීමාවී ඇති අතර , 1980 වසර වනවිට සත්ව උද්‍යානයන් වලදී බෝකර ඇති සතුන් 6,000 ත් 7,000 ත් පමණ වන අතර එයින් අතිරික්ත සතුන් සියල්ල අරාබි වනාන්තර වලට මුදා හැර තිබෙනවා.

සත්වයෙකුගේ ආයුකාලය වසර 20 ක් පමණ වන අතර දැනට මෙම සතුන් 08 දෙනෙකු සත්වෝද්‍යානය තුළ සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 February 2022 14:36