April 20, 2024

එජාප සභාපතිගෙන් තවත් රෝලක්

February 17, 2022

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සුරංගනා කතා කීමට දක්ෂයෙක්.

ඔහු මේ දිනවල තවත් එවැනිම කතාවක් කියාගෙන යන බව දේශපාලන ක්ෂේත්‍රයේ කතා වන කරුණක්.

අලුත්ම කතාව

ඔහුගේ අලුත්ම කතාවට මාතෘකාව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හා ආසන සංවිධායකවරු පිරිසක් ඔහුත් සමඟ සාකච්ඡාවක් පැවැත්වීම.

ඒ හැරුණු කොට ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා මැති ඇමතිවරුන් පිරිසක්ද තමාව මුණගැසුණු බවට අබේවර්ධන මහතාම ප්‍රසිද්ධියක් ලබා දෙනවා.

මේ සියලු දෙනා තමන් හා සාකච්ඡා පැවැත්වූ හේතුවත් අබේවර්ධන මහතාම හෙළි කර තිබෙනවා.

නායකයා වටා බලවේගයක්

ඒ එ.ජා.ප නායක, පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩු විරෝධී පොදු බලවේගයක් ගොඩනැගීමට.

2010 වර්ෂය වන විට අබේවර්ධන මහතා එජාපය නියෝජනය කරන ගමන්ම එවකට සිටි මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමඟ හොර රහසේම ගනුදෙනු කළ බව ප්‍රකට කරුණක්.

එහි ප්‍රතිඵලයක් ලෙස ම වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික් ජනතාව අබේවර්ධන මහතාව පරාජයට පත් කළා.

ඩීල් දේශපාලනය

2019 මහ මැතිවරණයේදීද ගාල්ල දිස්ත්‍රික් ජනතාව ඔහුට අත්පත් කර දුන්නේ එවැනිම පරාජයක්.

අදටත් ආණ්ඩුව සමග ඩීල් දමන්නේ වජිර අබේවර්ධන මහතා බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණක්.

අබේවර්ධන මහතා පුරුද්දක් ලෙස කාලයකට වතාවක් මෙවැනි මනක් කල්පිත කතාවක් සමාජගත කිරීමට කටයුතු කරන්නෙක්.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 17 February 2022 14:35