April 20, 2024

අගමැති ලේකම්ට, පොහොට්ටු මන්ත්‍රිනියට කොවිඩ්! මන්ත්‍රී පොකුර 53ක් වෙයි

February 17, 2022

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඒ මහතා පරීක්ෂණයකට යොමු වී ඇති බවයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසූවේ.

එහිදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේ.

මන්ත්‍රී පොකුර ලොකුවෙයි

මේ අතර කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව්‍ද 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මියටද කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීමෙන් පසුයි.

සුළු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම නිසා ඇය කොවිඩ්  පරීක්ෂණයකට යොමුවී තිබෙනවා.

මාත්‍රා 3ම අරන්

ඇයට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ එම පරීක්ෂණයේදීය.

තමාට කොවිඩ් ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇතත් බරපතළ තත්වයක් නොමැති බවයි මන්ත්‍රීවරිය පැවසුවේ.

තමා එන්නත් මාත්‍රා තුනම ලබාගෙන සිටින බවත් ඇය කියා සිටියා.

රැස්වීම්වලටත් ගිහින්

රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීවරිය පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලටද සහභාගී වී සිටියා.

කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයෝ සියයකට ආසන්න පිරිසක් පසුගිය සති කිහිපයේදී සොයා ගනු ලැබුවා.

Rate this item
(1 Vote)