April 18, 2024

"ඔය චීවරධාරීන්ට දාව දරුවෝ ඉන්නවා" - අපේ ජන බල සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් Featured

February 17, 2022

අපේ ජන බල බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරනවා.

ඒ මෙරට ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා හට දාව දරුවන් සිටින බවට.

හිමිනම දෙනම

ඔහු මේ බැව් හෙළිදරව් කරන්නේ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බෙදා ගැනීම සඳහා අරගලයක නියැළී පූජ්‍ය අතුරලියේ රතන හිමි හා පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඉලක්ක කරගෙන.

තමන් මහා සංඝයාට ගරු කරන මුත් මේ අය තමන් හඳුන්වන්නේ චීවරධාරීන් ලෙස බව ඔහු සඳහන් කරනවා.

මේ සිවුරු දා ගත් පිරිසට වඩා චීවරධාරීන් හොඳ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සාමාන්‍ය ගිහියන්

සමන් පෙරේරා මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ මේ චීවරධාරීන් පිරිස හඳුන්වන්නේ සිවුරු දාගෙන සාමාන්‍ය ගිහියන් මෙන් ජීවත්වන අය ලෙසටයි.

මේ චීවරධාරී පිරිසට කසාද නොබැන්දාට ඔවුන්ට දාව හතර වටේ ළමයි සිටින බවත් හෙළිදරව් කරනවා.

මහ රෑ 10 ,12 පාන්දර 2 , 3 ට මේ චීවරධාරීන් වැඩ සිටින පන්සල් වලට කාන්තාවන් පැමිණෙන්නේ පින්කම් කටයුතු සඳහා නොවන බවද සමන් පෙරේරා මහතා සඳහන් කරනවා.

එල්ල වූ ප්‍රහාරය

ඔහු මේ බැව් සඳහන් කළේ චමුදිත සමරවික්‍රම මහතා සමඟ "truth with chamuditha" වැඩ සටහනකට එක්වෙමින්.

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වූයේද මෙම සාකච්ඡාව විකාශය වීමෙන් අනතුරුවයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් රැසක් පරීක්ෂණ පවත්වන මුත් තවමත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ.

Rate this item
(3 votes)
Last modified on Thursday, 17 February 2022 11:27