April 25, 2024

රාජ්‍ය ඇමති බඩු මුට්ටු අස්පස් කර ගනියි: ගෝලයෝ ගෙදර යවයි - සූදානම ඉල්ලා අස්වන්නද?

February 16, 2022

රාජ්‍ය අමාත්‍යවරයෙකු සිය අමාත්‍යාංශයේ බඩු මුට්ටු ඉවත් කරගෙන ඇති බවට කසු කුසුවක් යනවා.

ඒ හැරුණු කොට ඔහු සිය පුද්ගලික කාර්ය මණ්ඩලයද ඉවත් කරගෙන ඇති බවත් වාර්තා වනවා.

ඉවත් වීමේ සූදානම

මෙසේ කටයුතු කර තිබෙන්නේ නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයායි.

රාජ්‍ය අමාත්‍යවරයා ගත් එහෙම තීන්දු තීරණ වලින් පෙනී යන්නේ ඔහු එම ධූරයෙන් ඉවත් වීමට ඉවත් වීමට සූදානමින් සිටින බවයි.

තමාට රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ කටයුතු කිරීමේදී දිගින් දිගටම එල්ලවන බලපෑම් මෙන්ම වැඩ කටයුතු කිරීමේදී ඇතැම් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් සහාය නොලැබීම යන කාරණා මත එම තීන්දුව ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දෙදෙනාම කතෝලිකයින්

ලංසා මහතා දරන්නේ මහා මාර්ග විෂයට අදාළ රාජ්‍ය අමාත්‍යධූරයක්.

එහි කැබිනට් ඇමැති ධූරය දරන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.

දෙදෙනාම කතෝලිකයන්.

එහෙත් පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ පළ කළා.

විරෝධතාවය දැක්වීම

විශේෂයෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුම විවෘත කිරීමේ උත්සවය ලංසා රාජ්‍ය අමාත්‍යවරයා මග හැරීම බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූවක්.

ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයාද මීට ටික දිනකට පෙර සති අන්ත ජාතික පුවත්පතක් අමතා සඳහන් කර තිබුණේ ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා දරන මතයට සමාන මතයක්.

ඒ තමාටද රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩක් කිරීමට බලයක් නැති බවටයි.

ඒ නිසා තමා දැන් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බවත් ඔහු සදහන් කර තිබුනා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 16 February 2022 11:37