April 19, 2024

කුඩා දරුවෙකුගේ කටට වෙඩි තබයි

February 15, 2022

දරුවෙකුගේ මුඛයට වෙඩි තැබීමේ පුවතක් කොස්ලන්ද, කැළිපනාවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම සිදුවීමෙන් අදාළ දරුවා බරපතළ තුවාළ ලබා ඇති බව සඳහන්.

කොස්ලන්ද, කැළිපනාවෙල ගෙවත්තක දී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාළ ලබා ඇත්තේ 12 හැවිරිදි දරුවෙක් බවයි පැවසෙන්නේ.

බෙහෙත් කොටන තුවක්කුවක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බව වාර්තා වූවා.

දරුවා සිරිගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර පසුව ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මේ අතර මෙම වෙඩි තැබීම සිදු කළ බව කියන 21 හැවිරිදි තරුණයෙකු, වෙඩි තැබීම සිදු කළ තුවක්කුව ද සමගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 February 2022 14:56