April 25, 2024

අද සිට දිනපතා විදුලිය කැපීමට තීන්දුයි: කාලසටහනත් සූදානම්!

February 15, 2022

අද (15) සිට විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ ඒ අනුව දිනපතා විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව යි.

ජලාශවල ජලය සංරක්ෂණය කිරීමට සහ ඉන්ධන නොමැති වීමේ ගැටළුව හේතුවෙන් මෙම පියවර අනුගමනය කිරීමට සිදුවන බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම තීරණයට අදාළ විදුලිය විසන්ධි කිරීමේ කාලසටහන අද පස්වරුවේ දී දැනුම්දෙන බව ද මහජන උපයෝගීතා කොමිසම පවසා සිටියා.

මහජන උපයෝගීතා කොමිසම මේ අයුරින් විදුලි කප්පාදුවකට අවසර ලබා දී ඇත්තේ විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ සමාගම සමග 12 වැනි දා පස්වරුවේ පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ කරුණු ප්‍රකාරව යි.

විදුලි කප්පාදුවකට අවසර ඉල්ලා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව යි අදාළ සාකච්ඡාව පැවැත්වුණේ.

ලංකා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණේ මාස තුනක කාලයක් සඳහා විදුලි කප්පාදුවක් සිදු කිරීමට යි.

ඒ, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස සඳහා යි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 February 2022 10:00