March 29, 2024

"අගමැති බැලුවේ අතේ ඔරලෝසුව තියේද කියලලු": ඇමති රත්තරන් ගැන රස කතා

February 10, 2022

ඊයේ (9) පොදු ජන පෙරමුණ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පොදු ජන රැලියක් පැවැත් වූවා.

ඒ ජනපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන්.

අගමැතිගේ අත ඉස්සීම

එහිදී අවධානය වැඩියෙන්ම දිනාගත් සිද්ධිය වූයේ රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ අත ඇල්ලීමට යෑම දැක්වෙන වීඩියෝ පටයටයි.

අබේගුණවර්ධන ඇමතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ වම් අත එසවීමට උත්සාහ කරන අයුරුත් එය නොරුස්සන අගමැතිවරයා අත ගසා දමන ආකාරයත් එම වීඩියෝ පටයේ ඇතුලත්.

රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා "රත්තරන්" යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වීමත් ඊට පසුබිම් වූ ප්‍රසිද්ධ කතාවකුත් තිබෙන නිසා අත ඇල්ලීමේ කතාවට විවිධ රස කතාත් හැදි තිබෙනවා.

රසවත් කතා

විශේෂයෙන්ම ඊයේ (9) එම රැලි අවසන් වීමෙන් පසු එම රැලියට සහභාගි වූ මැති ඇමැතිවරුන් අතරම එවැනි කතා හුවමාරු වූ බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

අග්‍රාමාත්‍යවරයා අත ගසා දමා බැලුවේ අතේ තිබුණු ඔර්ලෝසුව තිබෙනවාදැයි යන්න එවැනි එක් කතාවක්.

අග්‍රාමාත්‍යවරයා රත්තරන් මුදු පැළඳීමටද ප්‍රසිද්ධියක් උසුලන බැවින් තමන්ගේ අතේ තිබු මුදු ටික තිබෙනවා දැයි බැලූ බවටත් තවත් කතාවක් යනවා.

හොඳ හොඳ කතා ඉදිරියේදී

ඉදිරියේදී මෙම සිද්ධිය මුල් කොටගෙන මෙවැනි රසවත් කතා රැසක් පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් ඇසීමට ලැබෙනවා ඇති.

අබේගුණවර්ධන ඇමතිවරයා අද (10) පාර්ලිමේන්තුවේදීද කතාවක් කරන අයුරු දක්නට ලැබුණා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 10 February 2022 19:36