April 20, 2024

නවීන්ට කැපිල්ලක්! රනිල් සාගලට තැන දෙයි

February 09, 2022

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර තිබෙනවා.

පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත පත්කිරීම සිදු කර තිබෙනවා.

එජාපයේ කළමනාකරණ කමිටුව අදාල පත්කිරීම සඳහා අනුමැතිය දුන් බවයි එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කියා සිටියේ.

පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා නවීන් දිසානායක මහතා පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මීට පෙර තීරණය කළා.

නමුත් එම තනතුර බාර ගැනීම දිසානායක මහතා ප්‍රතික්ෂේප කිරීම නිසා වසරක පමණ කාලයක් තිස්සේ එම තනතුර පුරප්පාඩු වී පැවතුණා.

සාගල රත්නායක මහතා ජාතික සංවිධායක ධුරයට පත් කිරීමේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගන්නා බවයි පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ.

සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ අතර පුරප්පාඩු වූ එම තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනකු පත් කිරීමට නියමිතයි.

දෙමළ සහ මුස්ලිම් නියොජනයක් ලැබෙන පරිදි ඉදිරියේදී එම පුරප්පාඩු පුරවන බව මහ ලේකම්වරයා සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 February 2022 00:38