March 29, 2024

මම රාජපක්ෂලාට බාර දුන්නේ බඩු මිල අඩු සන්සුන් රටක්: හිටපු ජනපතිගෙන් යළිත් වංගුවක්

අද බලයේ සිටින රාජපක්ෂවරුන්ට තමා බාර දුන්නේ බඩු මිල පහත මට්ටමක තිබුණු සන්සුන් රටක් බව හිටපු ජනපති මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට මතක් කර දෙනවා.

එහෙත් දැන් සමහර කඩවල පැනඩෝල් පෙත්තක්වත් සොයා ගැනීමට නොහැකි බව තමාට ආරංචි වූ බව ඔහු අවධාරණය කරනවා.

පොදු ජන මතය

රටේ පවතින ආර්ථික අර්බුදය හා දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මෙන්ම ගෑස් , පොහොර හිඟය ඇතුළු කාරණා මත පොහොට්ටු පාලනය ගැන තමන් පමණක් නොව මුළු රටම කලකිරී සිටින බව හිටපු ජනපතිවරයා විශේෂයෙන්ම අවධාරණය කරනවා.

හිටපු ජනපතිවරයා මෙම කරුණු අනාවරණය කළේ බී.බී.සී සිංහල සේවයේ සංදේශය වැඩ සටහනට එක්වෙමින්.

එහිදී ඔහුම විවේචනය කරන ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවීමට දායක වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සිරිසේන මහතා වෙත එල්ල වුණා.

සන්ධාන දේශපාලනය

එවැනි සන්ධාන පිහිටුවීම මෙන්ම බිඳ වැටීම සාමාන්‍ය දෙයක් බවයි ඊට පිළිතුර ලෙස ඔහු සඳහන් කර සිටියේ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාද වන හිටපු ජනපතිවරයා විශේෂ කරුණක් හෙළිදරව් කළා.

අනාගතයේ යළිත් කිසිදු අවස්ථාව ශ්‍රී.ල.නී.පය පොදුජන එක්සත් පෙරමුණ සමඟ එක්ව මැතිවරණයකට ඉදිරිපත් නොවන බවයි.

පක්ෂ ප්‍රතිසංවිධානය

ඒ සඳහා ඉදිරි මැතිවරණ අරමුණු කරගනිමින් මේ දිනවල පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කෙරෙන බව ඔහු අවධාරණය කර තිබෙනවා.

ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණ බල තමන් නැති බවයි හිටපු ජනපතිවරයා සදහන් කරන්නේ.

හිටපු ජනපතිවරයා තම නායකත්වය යටතේ තිබෙන බුලත් කොලය ලකුණ දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි සක්‍රීය කිරීමට කටයුතු කර තිබෙන්නේ ඉදිරි මැතිවරණ වලට ඒ හරහා ඉදිරිපත් වීම අරමුණු කරගෙන.

එහි මහ ලේකම් ධූරය දරන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයායි.

Rate this item
(9 votes)
Last modified on Monday, 31 January 2022 10:51