April 24, 2024

කොවිඩ් නිසා අධිවේගයත් අඩපණ වෙයි! කොට්ටාවෙන් ටිකට් දෙන්නේ නෑ Featured

දක්ෂිණ අධීවේගී මාර්ග සහ කොළඹ පිටත වටරවුම් මාර්ගය සම්බන්ධ වන කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ වැඩ කටයුතු නතර වී ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ එහි සේවය කරන මුදල් අයකැමි නිලධාරීන් 15 දෙනකුට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වීමයි.

ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයට කොට්ටාවෙන් ඇතුළුවන වාහනවලට ප්‍රවේශපත්‍ර කිතු කිරීම නතර කළ බවයි මාර්ග සංවර්ධන  අධිකාරියේ ආරංචි මාර්ග පැවසූවේ.

ගමනාන්තය දක්වා ගොස් අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී කොට්ටාව අන්තර් හුවමාරුවෙන් පැමිණි බවට දැනුවත් කරන ලෙස කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ දැන්වීම් පුවරු සවිකර තිබෙනවා.

මේ තත්ත්වය හේතුවෙන් කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ රාජකාරි සඳහා අමතර පොලිස් නිලධාරීන්ද කැඳවා තිබෙනවා.

Rate this item
(0 votes)