March 28, 2024

විමුක්තිගෙන් ඉඟියක්: නිසි කල පිටියට බහින ලකුණු

විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට එන බවට මීට ටික කලකට පෙර හා හූවක් ගියා.

ඊට කුමාරතුංග මහතා තමා ජීවත්වෙන එංගලන්තයේ සිටම පිළිතුරු දුන්නේ එම මතය ප්‍රතික්ෂේප කරමින්.

යලි මව් බිමට

යළිත් කුමාරතුංග මහතා ගැන අවධානය යොමුව තිබෙන්නේ ඔහු මීට ටික දිනකට පෙර ශ්‍රී ලංකාවට පැමිණීම නිසා.

එහිදී ඔහු සිය මව වන හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ මාසයකට ආසන්න කාලයක් සිට තිබෙනවා.

ඒ කාලය අතරතුර කුමාරතුංග මහතා සිය පාසැල් මිතුරන් මෙන්ම තමන් සමග ලන්ඩන් විශ්ව විද්‍යාලයේ එකට ඉගෙන ගත් හිත මිතුරන් බැලීමට යෑමට අමතක කරන නැහැ.

දේශපාලන ගමන ගැන මතය

එහිදී විශේෂයෙන්ම කුමාරතුංග මහතාගේ දේශපාලන ආගමනය ගැන අදහස් හුවමාරු වී ඇති බවයි ඒෂියන් මිරර් වෙත වාර්තා වන්නේ.

කුමාරතුංග මහතා දේශපාලනයට පැමිණීම පිළිබඳව එහිදී මත පළවී ඇති අතර දශක දෙක තුනක් දේශපාලනය කොට ඉහළට පැමිණිය යුතු බවට නියමයක් නොමැති බව ඔහු පෙන්වා දී තිබෙනවා.

තවත් සිය හිතවතුන් පිරිසක් සමග කුමාරතුංග මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ වත්මන් දේශපාලනය මෙන්ම දැනට දේශපාලනයේ නියැලී සිටින කණ්ඩායම් පිළිබඳව තමන්ට පැහැදීමක් නැති බවයි.

මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ දේශපාලනයට පිවිසීමට වඩා රටට හිතකර ප්‍රතිපත්ති සමඟ හොඳ කණ්ඩායමක් සිටියදී දේශපාලනයට පිවිසීම බවද එහිදී කුමාරතුංග මහතා පෙන්වාදී තිබෙනවා.

දුන් ඉඟිය

කෙසේ වෙතත් කුමාරතුංග මහතාගේ මෙම අදහස් දැක්වීමෙන් පැහැදිලි වන්නේ ඔහුට ශ්‍රී ලාංකීය දේශපාලනයට පැමිණීමේ අවශ්‍යතාවයක් තිබෙන බවයි.

ඒ සඳහා නිසි කල , නිසි වේලාව එනතුරු ඔහු බලා සිටින බවත් ඔහුගේ ප්‍රකාශ තුළ අන්තර්ගත වී තිබෙනවා.

විමුක්ති කුමාරතුංග මහතා ජනප්‍රිය නළුවෙකු මෙන්ම මානව හිතවාදී දේශපාලනඥයෙකු වූ අභාවප්‍රාප්ත විජය කුමාරතුංග මහතාගේ එකම පුත්‍රයාද වනවා.

Rate this item
(7 votes)
Last modified on Monday, 31 January 2022 08:38