March 28, 2024

බංග්ලාදේශය අපට ණය දුන්නට ඒක අපායක් : අපි ඊට වඩා සුපිරි රටක් - විමල්ගෙන් විග්‍රහයක්

ශ්‍රී ලංකාව මේ වන විට බංගලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් අරගෙන තියෙනවා.

ඒ ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ "බංගලදේශයේනුත් ණයක් ගන්න සිද්ධ වුණානේ" කියමින් අවඥාවෙන්.

සංසන්දනයට පිළිතුරු

ඊට විමල් වීරවංශ අමාත්‍යවරයා පිළිතුරු දී තිබෙනවා.

ඒ බොහෝ දෙනෙකු බංගලිදේශයෙන් ගත් ණය මුල්කොටගෙන ශ්‍රී ලංකාව එම රටටත් වඩා පහළ මට්ටමකට දමා කථා කිරීම නිසා.

බංග්ලාදේශය විශාල විදේශ විනිම සංචිතයට හිමිකම් කීවාට ඒ සමාජයේ ජනතාව ඉතා දුක්බර ජීවිතයක් ගත කරන බව වීරවංශ ඇමතිවරයා අවධාරණය කරනවා.

ඒ සඳහා හේතු ද ඔහු පෙන්වා දෙනවා.

එහි අගනුවර (ඩකා) ජීවත්වෙන ජනයා අවුරුද්දකට වතාවක් පැමිණෙන ගංවතුර නිසා කඳු මුදුන්වල තනාගත් තාවකාලික නිවාසවල ජීවත්වන බවයි ඇමතිවරයා මේ රටේ ජනතාවට මතක් කර දෙන්නේ.

උප්පැන්න සහතිකය

බංගලාදේශයේ උපදින දරුවන් හැමෝටම උප්පැන්න සහතික නැති බවත් ඔහු සඳහන් කරනවා.

බංගලාදේශයේ සිටින්නේ ලෝකයේ බොහෝ රටවල සමාජයන් බාර නොගන්නා රැකියා කිරීමට කැමති සමාජයක් බවද පෙන්වා දෙන ඇමතිවරයා ලාංකීය සමාජය බංගලාදේශ සමාජයට වඩා ඉදිරියෙන් සිටින බව සඳහන් කරනවා.

වීරවංශ අමාත්‍යවරයා බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව මෙසේ සංසන්දනය කළේ රත්මලාන ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ ශිෂ්‍ය නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේ.

බංගලාදේශයේ විදේශ විනිම සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 45 ක් බවටයි වාර්තා වන්නේ.

එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය මෙන් පහළොස් ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 28 January 2022 20:52