April 20, 2024

කර්මාන්ත ශාලා නිසා දරුවනුත් අවධානමේ

කොහු සහ උළු කර්මාන්ත ශාලා ආශ්‍රිතව ජීවත් වන බාලවයස්කාර දරුවන් දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ඒ පොලීසිය විසින් කරන ලද සොයා බැලීමකදීයි.

හලාවත, වෙන්නප්පුව, මාරවිල, මුන්දලම සහ දංකොටුව වැනි ප්‍රදේශ වල කොහු කර්මාන්ත ශාලා රැසක් පිහිටා තිබෙනවා.

මෙම කොහු සහ උළු කර්මාන්ත ශාලාවල විශාල පිරිසක් සේවය කරනවා.

ඔවුන් බහුතරයක් පදිංචිව සිටින්නේද එම කර්මාන්ත ශාලා ආශ්‍රිතව ඉදිකර ඇති තාවකාලික වාසස්ථාන තුළයි.

එම තාවකාලික කුඩා නිවාස වල දරුවන් කීප දෙනෙකු සමග මව්පියන් ජීවත් වීම සිදු කරනවා.

මව්පියන් රැකියා කටයුතු සදහා පිටත්ව ගිය පසුව බොහෝ දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

තරුණ විය එළඹෙමින් සිටින දරුවන් මෙම තත්ත්වයට බෙහෙවින් ගොදුරු වෙමින් පවතින බවද පොලීසිය සදහන් කරනවා.

පසුගිය කාලය තුළ මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීම සදහා බොහෝ දෙමව්පියන් විසින් විවිධ පහසුකම් සහිත ජංගම දුරකතන ලබා දීමට කටයුතු කර තිබෙනවා.

බොහෝ දරුවන් එම ජංගම දුරකත භාවිතා කරමින් අනාරක්ෂිත කටයුතු වලට සම්බන්ධ වී ඇති බවද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධව ඒෂියන් මිරර් අප කළ විමසුමකදී උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කලේ හදුනා ගෙන ඇති අනාරක්ෂිත දරුවන් වාසය කරන ප්‍රදේශ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කර පවතින තත්ත්වයට කඩිනමින් විසදුමක් සකස් කිරීමට කටයුතු කරන බවයි.

(හලාවත - ජුඩ් සමන්ත)

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 January 2022 20:36