April 19, 2024

ශ්‍රීලනිපය කල්ලි රැස්වීමට පොල්ල තියයි

ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11කින් සමන්විත විමල්-උදය-වාසු කණ්ඩායම මීට ටික දිනකට පෙර යළි රැස්වුණා.

ඒ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී.

රැස්වීමේ අඩුපාඩුව

කලකට පසු මේ පිරිස එසේ රැස් වූ රැස්වීමේ විශාල අඩුපාඩුවක් දක්නට ලැබුණා.

ඒ ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි නොවී සිටීමයි.

ආන්ඩුවේ සන්ධානගත පක්ෂ කණ්ඩායමේ රැස්වීම් වලට ශ්‍රී.ල.නි.පය නියෝජනය කරමින් නිල වශයෙන් සහභාගී වූයේ එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතායි.

නිහඬ පිළිවෙත

වෙන අවස්ථාවල එම කණ්ඩායමේ රැස්වීමට සහභාගී නොවුවහොත් ජයසේකර මහතා ඊට හේතු දැක්වූවද ඊයේ පෙරේදා පැවැත් වූ රැස්වීමට සහභාගි නොවීම සම්බන්ධයෙන් හේතු දක්වා නැහැ.

ජයසේකර මහතා මෙම කණ්ඩායමේ රැස්වීමට සහභාගි වීම ගැන පක්ෂයේ ඇතැමුන්ගේ විරෝධතා තිබුණද පක්ෂ නායකත්වයයේ ආශිර්වාදය මත ජයසේකර මහතා එම රැස්වීම්වලට සහභාගි වුණා.

නොබෝදා රැස්වූ සන්ධානගත පක්ෂය කණ්ඩායමේ රැස්වීම වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ වෙනදා මෙන් ආණ්ඩුව විවේචනය නොකොට ආණ්ඩුවේ ඉදිරි ගමන් මග නිවැරදි කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමයි මෙවර සිදු වී තිබෙන්නේ.

ශ්‍රීලනිප වත්මන් ස්ථාවරය

එහෙත් ශ්‍රී.ල.නි.පය මේ වන විට ආණ්ඩුව දැඩිව විවේචනය කරන ප්‍රතිපත්තියකයි සිටින්නේ.

ශ්‍රී.ල.නි.පය කොයි මොහොතේ හෝ ආණ්ඩුවෙන් ඉවත් වෙතැයි යන මතයකුත් සමාජගත වී තිබෙනවා.

ආණ්ඩුව විවේචනය කිරීමේ හේතුව මත ජනපතිවරයා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව ඔහු දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ විමල්-උදය- වාසු නායකත්වය දෙන කණ්ඩායමද අඩි කීපයක් පස්සට ගෙන ආණ්ඩුව විවේචනය කිරීමේ ප්‍රතිපත්තියෙන් වැලකී සිටින බවයි දක්නට තිබෙන්නේ.

Rate this item
(3 votes)
Last modified on Thursday, 27 January 2022 17:04