April 19, 2024

සිමෙන්ති සොයා වැටලීම් - තවමත් ජනතාව පෝලිම්වල

මහා පරිමාණ සංවර්ධන කටයුතු මෙන්ම නිවාස ඉදි කිරීම් ඇතුළු වෙනත් පෞද්ගලික ඉදි කිරීම් සඳහා මේ වන විට සිමෙන්ති වලට පවතින්නේ අධික ඉල්ලුමක්.

ඊට සාපේක්ෂව සිමෙන්ති සැපයුම පහළ යාමෙන් සති ගණනාවක සිට සිමෙන්ති හිඟයක් මතුව තිබෙනවා.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1475ක් වුවත් මේ වන විට බොහෝ ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක් අලෙවි වන්නේ 1600ත් 1800ත් අතර මිලකටයි.

මේ අතර වැටලීම් සිදු කලද ඇතැම් ව්‍යාපාරිකයින් අධික මිල ගණන් යටතේ සිමෙන්ති අලෙවි කරන බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

"සිමෙන්ති මිටි 05ට 1850 ගානේ සල්ලි අරන් තියෙනවා."

"සිමෙන්ති කොළඹින් එක එක මිලට ගෙනල්ලා විකුණනවා. 1850ට තමයි මේ ටවුන් එකේ විකුණන්නේ."

"වැලි ගත්තොත් තමයි සිමෙන්ති දෙන්නේ. 1500ට එහා පැත්තේ යනවා සමහරක් වෙලාවට."

"සිමෙන්ති දැන් නැහැ එක තැනකවත්."

"1800, 1900, 2000යි. ඔය විදියට තමයි දැන් සිමෙන්ති යන්නේ. බඩු තියෙනවා ඔක්කොම බ්ලැක් මාර්කට් තමයි විකුණන්නේ."

"සිමෙන්ති නෙවෙයි කන්නත් නැහැනේ. 2000කටවත් සිමෙන්ති කොට්ටයක් ගන්න නැහැ."

"පාලන මිලක් නැහැ. එක එක්කෙනා හිතෙන විදියට දෙනවා සිමෙන්ති. 1800 වෙනකන් එනවා සිමෙන්ති."

පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි හේතුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දින කිහිපය තුල දිවයින පුරා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කළා.

මේ අතර සිමෙන්ති මෙට්‍රික් ටොන් 3ක අඩුවක් තවමත් වෙළඳපොලේ පවතින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 January 2022 17:00