March 29, 2024

ලංකාව ලෝකෙන්ම 5ට ඇවිත්! රටපුරා උත්සවාකාරයෙන් සමරන්න සියල්ල සූදානම්

හෙට (29) දිනට මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට වසරක් පිරිම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සවයක් සංවිධාන කර තිබෙනවා.

ඒ අනුව “එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙම වැඩසටහනට සමගාමීව සෑම පළාතකම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම ප්‍රාදේශිය රෝහල් වලින් ඉහළ දිවයිනේ සෑම රෝහලකම සහ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකම සැමරුම් වැඩසටහන් පැවැත්වීමටද මෙයට සමගාමීව පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගිය 26 වැනිදා එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම සැමරුම් වැඩසටහන එකම තේමාවකින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර, ‍හෙට පෙරවරු 10.06 ට මේ වෙනුවෙන් ආශිර්වාද පහනක් දැල්වීමට කටයුතු කර තිබෙනවා.

එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා මෙරටට එන්නත් පරිත්‍යාග කළ විදෙස් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුලු විදෙස් නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතයි.

විශේෂයෙන්ම වර්ෂ පූර්ණ එන්නත්කරණ සැමරුම් වැඩසටහනට සමගාමීව බූස්ටර් එන්නත්කරණ සතියක් හෙට සිට ක්‍රියාත්මක කෙරෙන අතර, ජනතාවගේ රැකවරණය බූස්ටර් එන්නත ලෙසින් එම ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය ආයතනයන් තුළ ක්‍රියාත්මක කෙරෙනවා.

2021 ජනවාරි 29 දින මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල නිල වශයෙන් ආරම්භ කළා.

මේ වන විට මෙරටට මිලියන 51කට අධික එන්නත් තොඟයක් ගෙනවිත් තිබෙනවා. මේ අතර මෙම කාලසීමාව තුල මෙරට සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙල හේතුවෙන් එන්නත්කරණය අතින් ලොව පළමු රටවල් 05 අතරට ශ්‍රී ලංකාව එක්ව ඇති බව ද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 28 January 2022 08:39