April 19, 2024

වර්ජනය හේතුවෙන් රෝගීන් අසීරුතාවයට

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෘත්තීය සමිති 16ක සේවකයින් දියත් කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ගුරුවරුන්ට වැටුප් වැඩිකිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවයේ වැටුප් විෂමතාවක් ඇති වීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් මෙම වර්ජනය දියත් කර ඇති අතර මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු බස්නාහිර පළාතේ රෝහල් වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණා.

වර්ජනයේ නිරත වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ, තම ගැටලු‍වලට විසඳුම් නො ලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට වුව ද යොමුවන බවයි.

මේ අතර, වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් ද හට ගෙන තිබෙනවා.

මේ අතර දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඒ, විශේෂ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින්.

මේ හේතුවෙන් බදු රැස් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

Rate this item
(0 votes)