March 29, 2024

යොවුන් ප්‍රේමය මරණ දෙකකින් කෙළවර වෙයි

කරන්දෙණිය ප්‍රදේශයේ තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළසිරුරු දෙකක් සොයා ගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් සහ 16 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක්.

ඔවුන් දෙදෙනා අතර දිගු කාලයක සිට ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලීසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ගෙළ වැලලාගෙන මියගොස් සිටි සිසුවියගේ දේහය කොස් ගසක එල්ලෙමින් තිබී ඇති අතර තරුණයාගේ සිරුර එම ස්ථානයේ බිම වැටී තිබු බව සඳහන්.

ඔවුන්ගේ සම්බන්ධතාවයට වැඩිහිටියන්ගේ කැමැත්ත නොලැබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙසේ දිවි හානි කරගන්නට ඇතැයි සැක කෙරෙනවා.

දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහලට යොමු කර තිබෙනවා.

කරන්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 26 January 2022 17:22